(ඩයනා උදයංගනී)
වත්මන් රජය බලයට එන විට රාජ්‍ය ආයතන 200ක් පමණ පාඩු ලබමින් තිබූ බවත් මේ වන විට එම ප‍්‍රමාණය 50ක් දක්වා අඩු වී ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. අනවශ්‍ය නාස්තිය අඩු කිරීම නිසා මෙම ප‍්‍රතිඵලය ලබාගන්නට හැකි වූ බව කී අමාත්‍යවරයා දැනට පාඩු ලබන ආයතන 50 ද කඩිනමින් ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේදී අද පැවති රාජ්‍ය ආයතන 05 ක් සමඟ සාමූහික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ මෙම සාමූහික ගිවිසුම් අත්සන් කෙරිණ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා එම රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරුන් හා අදාළ ආයතනවල සභාපතිවරුන් අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරිණි.

