රාජස්ථාන් පිලට කඩුලූ 5 ක ජයක්


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් පූනේ වෝරියස් පිල පරාජය කළේය.

පූනේ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 18 ක් රැස් කළේය.

පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 178 (රොබින් උත්තප්පා 54, අරෝන් ෆින්ච් 45, යුවරාජ් සිං 15, මිචෙල් මාෂ් නොදැවී 35, ඇන්ජලෝ මැතිව්ස් 18)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19.5 කදී කඩුලූ 5 ට 182 (අජින්ක්යා රෙහෙනා 67, රාහුල් ද්‍රාවිඞ් 58, ස්ටුවට් බෙනි නොදැවී 32, වේන් පර්නෙල් 27/3)