රාජස්ථාන් පිල දෙවැනි ස්ථානයට එයි


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 61 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පාරජය කරමින් ප‍්‍රසාද ලකුණු 20 ක් සමගින් දෙවැනි ස්ථානයට පැමිණියේය.

ලකුණු 45 කට කඩුලූ 4 ක් දැවී තිබියදී ෂේන් වොට්සන් (70) සහ ස්ටුවට් බිනී (නොදැවී 41) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. වොට්සන් පන්දු 34 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ඇතුළත්කරමින් ලකුණු 70 ක් රැස් කළේය.

රාජස්ථාන් පිලට ශ‍්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටිය ද කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 141 (මයිකල් හසී 40, මුරලි විජේ 55, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 23, කෙවොන් කූපර් 32/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 17.1 කදී කඩුලූ 5 ට 144 (රාහුල් ද්‍රාවිඞ් 22, ෂේන් වෝට්සන් 70, ස්ටුවට් බිනී නොදැවී 41, ජේසන් හෝල්ඩර් 20/2)