තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (10) පැවැති තරගයෙන් ලකුණු 36-24 ක ජයක් ලැබූ ධර්මරාජ විදුහල පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් විය.
ධර්මරාජ විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-05 ක් ලෙස පෙරමුණේ පසු විය. මෙම තරගය අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයකි.