රාජගිරියෙන් තහනම් කිරිපිටිත් අල්ලයි


වේ ප්‍රෝටීන් හා  ඩී සී ඩී  කෘෂි රසායනය අඩංගු කිරි පිටි හා ශක්තිජනක ආහාර තොගයක් රාජගිරියේ  වෙළෙද සල්වලින් වලින් ඉවත් කළ බව ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.

‘වේ ප්‍රෝටීන් යනු කිරි මෝරුවලට තවත් නමකි. ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලියේදි වැරැදි ලෙස කිරි නිස්සාරණය කිරීමේදී  හටගන්නා බැක්ටීරියා වලින් ආහාර  විස විම සිදු වේ.ඩී සී ඩී ඩයිසයන්ඩයමයිඩ් යනු  විෂ සහිත කෘෂි රසායනයකි‘

මෙම කිරිපිරි හා ආහාර වර්ග විකිණිම අත්හිටුවන බව රජය සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් උපදෙස්  දුන්නේය.නගරාධිපති ජනක රණවක මහතා ද මේ සෝදිසියට එක්විය.

ඔහු  කඩ හිමියනට පැවසුයේ  තහනම් කළ ආහාර  විකුණන වෙළෙදසල් සීල් තැබීමට හැකි වුවත් පළමුවරට එසේ නොකරන බවයි

කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් එල් සී ජේ වන්නිනියක,මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් කුමාර සහ නාගරික මන්ත්‍රී ඩබ්ලිව් සෝමදාස මහත්වරු මෙම සෝදිසියට එක් වුහ.