රාජගිරිය විදුහල්පති ගෙදර එයි


හිටිගමන් අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින හතකට පසු පොළොන්නරුවේ සිට ඉරිදා රාත්‍රියේ සිය නිවසට පැමිණි බව පොලිසිය කියයි.

කලිසමක් ඇඳගෙන ගිය ඔහු පැමිණියේ සරමක් ඇඳගෙනය. නිවසට පැමිණි ගමන් පොලිසියට ගිය ඔහු කියා ඇත්තේ තමාට සිදුවූ  කිසිවක් මතක නැති බවය. ඒ සමගම ඔහු රෝහල් ගත විය.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පාසලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමට පැය කිහිපයකට පෙර චිත්‍රපාල මහතා පාසලෙන් අතුරුදන් විය.

DSC08987

   vlcsnap-2014-11-24-08h00m15s222 vlcsnap-2014-11-24-08h04m50s201