කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේද බත්තරමුල්ල, කඩුවෙල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් රාජගිරිය පොල්දූවේ සිට හිඹුටාන අංගොඩ පාරේ උඩුමුල්ල අසලින් කැලණි පාලම දක්වා නව අතුරු පාරක් ඉදිකිරීමට යයි.
රුපියල් කෝටි 32ක් පමණ වැයවන මෙම අතුරු පාර මන්තීරු 4කින් ඉදිකරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.
නව අතුරු මාර්ගයට මෛත්‍රිපාල සිරිසේන ජනපති සෙනසුරාදා මුල්ගල තැබීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයේ පොල්දූව පාලම අසලින් ඇරඹෙන මෙම අතුරු මාර්ගය බත්තරමුල්ල නගරය මගහැර මාළඹේ හා කඩුවෙලටත්, කැලණිය දක්වාත් වැටෙනු ඇත.





