කොළඹ රාජකීය විද්‍යාලයයට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී අක්‍රමිකතා සිදුවීම ගැන කළ විමර්ශනවලින් පසු එහි ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සහ අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරීන් අට දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
මෙම වැඩ තහනම් කළ පිරිස අතර අභියාචනා මණ්ඩලයේ සිටි වෙනත් පාසලක විදුහල්පතිවරයකු, නියෝජ්‍ය විදුහල්පතිවරයකු, මෙම පාසලේ සහකාර විදුහල්පතිවරයකු, අංශ ප්‍රධානියකු සහ ගුරුවරු කිහිප දෙනෙකු ද සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ දී අක්‍රමිකතා සිදුවූ බව කියමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් ද දෙමාපියන් අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් පැවැත්වූ අතර එහිදී අනාවරණය වූයේ සිසුන් 40කට ආසන්න සංඛ්‍යාවක් හොර ලියැකියැවිලි අනුව රාජකීය විද්‍යාලයට ඇතුළු කර ඇති බවයි.

