රාජකීයේ අලුත් ළමයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නලු


කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළු කර ගන්නා සිසුන්ගේ සංශෝධිත නාම ලේඛණය ප්‍රසිද්ධ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.

වංචනික ලෙස ඇතුළු කළ සිසුන් 31 දෙනකු ඉවත් කර ඒ වෙනුවෙන් වෙනත් සිසුන් 21 දෙනකු ඇතුළු කර ගන්නා බව අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කීවේය. 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ඉවත් කළ සිසුන් වෙනුවට ඇතුළු කර ගන්නා සිසුන් 31 දෙනාගේ නම්ද ඇතුළත්ව සංශෝධිත ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු බවයි.

විවිනිවිධ භාවයකින් අදාළ කටයුතු සිදුවන්නේ නම් සිසුන් ඇතුළත් කිරීමට පෙර ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. වංචනිකව සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.