ජාත්‍යන්තර වශයෙන් තම කලා නිර්මාණයක් එළි දැක්වීමට පාසල් වියේදීම දස්කම් ලැබූ චරුත් ගුණරත්න පසුගියදා ඇමරිකාවේ නිව්යෝරක් නුවර සිය ලංකාවට ආවේ ඒ සිහිනය සැබෑ කරගිනිමින්. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී චරුත් මුණ ගැසි ඔහු ඇමරිකාවේ ගත කළ කාලයේදි ලැබූ අත් දැකීම් වගේම ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා බහක යෙදෙන්නට අපිට හැකි වුණා.
චරුත් යනු මෙරට සංගීත ලෝලීන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්නට වෙර දරන තරුණයෙක්. ඒ වෙනස මෙරට සංගීත ලෝලයින්ට ලබා දීමේ අරමුණ ඇතිව තමයි චරුත් ඇමරිකාවට ගියේ. චරුත්ගේ තුන්වෙනි ගීතය පටිගත කළේ නිව්යෝර්ක් නුවර ‘ජුවෙල් ප‍්‍රඩක්ෂන්‘ විඩියෝ නිෂපාදනාගාරයේ.
චරුත් කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙක් වගේම ඔහු පාසැලේ දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.
චරුත් ගායන ලෝකයට මුල්ම අඩිතාලම දැම්මේ ටිකක් විතර වෙනස් ගීතයකින්. ගීතයේ නම ‘කොළඹ‘. පද රචනය අමන්ත ගුණරත්න, සංගිතය ලංත‍්‍රා පෙරේරා. එහි තේමාව වුණේ තරුණ පිරිමි ළමයින් පස්සෙන් එන ගැහැණු ළමයින් ගැනයි.
‘ගිය ගිය තැන යන එන තැන කෙල්ලො අපිට පිස්සු වටෙනවා‘
කොහේ ගියත් කවද වුණත් කෙල්ලෝ අපේ පස්සෙන් එනවා‘
එම ගීතය පෙරලිකාර තරුණ පරපුරේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර බොහෝ දිනා ගත්තත් ගැහැණු ළමයි නම් චරුත්ට හොදටම බැන වැදුණාහ.
ඔහු ගැයූ දෙවන ගීතය ‘මිස් කෝල්‘ මෙරට යෞවන යෞවනියන් අතර බෙහෙවින් ජනප‍්‍රිය විය. එහි පද රචනය මනුරංග විජේසේකර සහ සංගීතය රදේෂ් වැන්දබෝනා. එහි තේමාව වුනේ තමන් ආදරය කළ යුවතිය නිළියක් වීමත් සමගම පෙම්වතා අත හැර යාමයි. එය විරහ ගීතයක් වූ නිසාම චරුත්ගේ පළමු ගීතයට වඩා පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර දිනාගත්තා. එය යූ ටියුබය ඔස්සේ මේ වන විට දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය දහනම දෙනෙක් නරඹා තියෙනවා.
’ මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුණා
හිස් කොළයක් ගෙන එහි පිරෙනතුරා ඔබෙ නම එහි ලිව්වා
මගේ දෑස පුරා ඔබ සෙවූ කතා බොරු බව මට දැනුණා
ඔබ යන්න ගියත් මට දුක නැහැ එක පාරක් මුණ ගැහිලා‘
ඔහුගේ ළයාන්විත කටහඩ ඇසීමට බොහෝ යෞවන යෞවනියන් ප‍්‍රිය කළ නිසාම දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වන විට යූ ටියුබය ඔස්සේ ‘මිස් කොල්‘ ගීතය ඩවුන්ලෝඞ් කරගෙන ඇත.
දැන් ඔහු සූදානම් වන්නේ තවත් වෙනස්ම ගීතයක් පේ‍්‍රක්ෂකයන් අතරට ගෙන එන්නයි. ඒත් ඒ ගීතය පේ‍්‍රක්ෂකයන් අතරට යවන නම නම් ඔහු අපිට දැන්ම කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගීතය වගේම ගීතයේ නමටත් වෙනසක් කරන්නයි ඔහුගේ බලාපොරොත්තුව. චරුත් ඔහුගේ අළුත්ම ගීතය මෙරට පේ‍්‍රත්ෂකයන්ට එළි දක්වන දාට එය අපිට කියාවි.
චරුත්ගේ අලුත්ම ගීතය නිර්මාණය කිරීමට වු පසුබිම ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.
මගේ පළමු ගීතය ‘කොළඹ‘. දෙවැන ගීතය ‘මිස් කෝල්. මට උවමනා වුණා ඒ ගීත දෙකටම වඩා වෙනස් ගීතයක් තුන්වැනි ගීතය වශයෙන් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න. ඒ ගීත වලට ලැබුණ ප‍්‍රතිචාරත් එක්ක ඇමරිකාව සම්බන්ධ කරගෙන මට වෙනස්ම ගීතයක් නිර්මානය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනී තිබුණා. ඒ වෙනස වෙනස්ම ආකාරයෙන් ලංකාවට ගේන්නයි මම ඇමරිකාවට ගියේ.
ශ‍්‍රී ලාංකික යුවතියක් තමන්ගේ මව්බිම අත හැර ඇමරිකාවට පදිංචියට යනවා. එයා එහි ජීවත් වෙන අයුරු තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ආදරය, දුක, වේදනාව සහ සතුට සියල්ලම මේ ගීතයේ අන්තර්ගත වෙනවා.
මෙම ගීතයේ පද රචනය මනුරංග විජේසේකරත්, සංගීතය ප‍්‍රියන්ත නාවලගේ යන ශිල්පීන් විසින් සිදු කළා. ළඟදීම ඒ ගීතය ඔයාලට රස විදින්න පුළුවන් තවත් වෙනසකුත් එක්ක.
චරුත් ඇයි ඔබ මෙම ගීතය පටිගත කිරිමට ඇමරිකාවම තෝරාගත්තේ?
මගේ බලාපොරොත්තුවක් තිබුණා ඇමරිකාව සම්බන්ධ කරගෙන ගීතයක් නිර්මාණය කරන්න. මා තෝරාගත් ගීතයේ පද රචනාව අනුව යුවතියක් ඇමරිකාවට පදිංචියට ගිහින් තියෙන තේමාවක් එහි තියෙන්නේ. ඒක ඇමරිකාවට සම්බන්ධ නිසා තමයි එහෙ ගිහින් කරන්න ඕනෑ වුනේ. සිංදුව ඇසෙනවිට පේ‍්‍රක්ෂකයින්ට වෙනසක් තියෙනවා.
තව මාසෙකින් වීඩියෝව ලැබුණු විට බලාගන්න පුළුවන් දුක, සතුට දෙකම වෙනස් විදියට.
ඔබ මේ ගීතය පටිගත කරන්න ගියාම ලබපු අත්දැකීම් ගැන කිව හැකිද?
අපි අගෝස්තු 28 ලංකාවෙන් ගියේ. දවස් හතරක් පහක් තිස්සේ නිව්යෝර්ක් නගරයේ හොද වීඩියෝ නිෂ්පාදනාගාරයක් හෙව්වා.
එහෙම හොයන විට තමයි ‘ජුවෙල් ප‍්‍රඩක්ෂන්‘ කියන වීඩියෝ නිෂ්පාදනාගාරය සොයා ගත්තේ. එය පිට පිට පස් වතාවක් එමි සම්මාන ලැබූ වීඩියෝ නිෂ්පාදනාගාරයක්.
මගේ ගීතය එහි දවස් තුනක් තිස්සේ පටිගත කළා. එය ජීවිතයට හොද අත් දැකීමක් වුනා. එහි පටිගත කිරීම් සඳහා විශේෂ කැමරා තිබුණා. තාක්ෂණය ඉතාමත් දියුණුයි.
ඒ වගේම නිව්යෝරක් නගරයේ විවිධාකර සුන්දර ස්ථාන අපි පටිගත කිරිම් සඳහා යොදාගත්තා. ඇමරිකාවේ රගපාන ප‍්‍රසිද්ධ නිළියක් මගේ ගීතයේ වීඩියෝවට එක්වුණා. ඔවුන් සමග කටයුතු කිරිම හරිම පහසුයි. ජීවිතයේ පළමු වතාවට අත්දැකීම් වගේම දැනුම් සම්භාරයකුත් මා ලබා ගත්තා.
ඔබගේ පළමු ගීතය ‘කොළඹ‘ ගීතයට ඔබ ගැහැණු ළමයින්ගෙන් බොහොම බැනුම් ඇහුවාද ?
ඔව් ඒක ඇත්ත. ඒ ගීතය රස විදපු ගැහැණු ලමයි තමයි මට වැඩි පුරම බැන්නේ. ඒ ගීතය පිරිමි ළමුන් පසුපස එන ගැහැණු ළමුන් ගැන කියන වෙනස්ම ආරයක ගීතයක්. ඒ අමුතු ආරය තරුණ පරම්පරාවට අළුත් අත් දැකීමක් වුනා. ඒ ගීතයට ගැහැණු ළමයි නොසෑහෙන්න බැන්නා. මගේ හොඳම මිතුරියන් පවා තවත් බනිනවා. බැනුම් විතරක් නෙමෙයි හොද ප‍්‍රතිචාරත් ලැබුනා. ඒ වුනාට වැඩියෙන්ම ලැබුනේ බැනුම් තමයි.
චරුත්ගේ දෙවන ගීතය ‘මිස් කෝල්‘. එයත් ටිකක් වෙනස් ආරයක ගීතයක්. එවැනි වෙනසක් කළේ ඇයි?
මගේ පළවෙනි ගීතය ටිකක් බයිලා ගිතයක් වගේ නිසා මට දෙවන ගීතය ආදර ගීතයකට ගියොත් හොදයි කියලා මට හිතුනා. මොකද ‘කොළඹ‘ ගීතයට ලබපු ප‍්‍රතිචාරත් එක්ක මට වෙනසක් කරන්න ඕන කම තිබුනා. ඒ විදියට තමයි ‘මිස් කෝල්‘ ගීතය නිර්මාණය වුනේ. එහි ආදරය සහ දුක දෙකම තිබුනා. විරහ ගිතයක් නිසා පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ගොඩක් ලැබුනා.
චරුත් ඔබ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ පවුලේ ආභාෂයකින්ද?
ඔව්, ඒක එහෙම වෙන්න පුලූවන්. මගේ සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා එයාගේ නම එඩිසන් ජිනදාස. ඔහු 1970 දශකයේ හිටපු චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක්. ඔහුගේ ආභාෂය නිසා වෙන්න පුළුවන් මාව කලා ක්ෂේත‍්‍රයට ඇදිලා යන්නේ. .
ඔබ ගයන ගීත වල පද රචනය, සංගීත නිර්මාණය සහ ගීතයේ වචන භාවිතය ගැන කිව්වොතින්
මගේ පළමු ගීතය ‘කොළඹ‘ පද රචනය අමන්ත ගුණරත්න, සංගිතය ලංත‍්‍රා පෙරේරා යන ශිල්පීන් දෙපල තමයි කළේ. දෙවන ගීතය ‘මිස් කෝල්‘ පද රචනය මනුරංග විජේසේකර සහ සංගීතය රදේෂ් වැන්දබෝනා යන ශිල්පීන් දෙපලත්, තෙවන ගීතය පදරචනය මනුරංග විජේසේකරත් සහ සංගීතය ප‍්‍රියන්ත නාවලගේ යන ශිල්පියෝය.
මම ගීතයක් තෝරාගන්නට පෙර මුලින්ම බලන්නේ ඒ ගීතයේ වචන හිතට කා වැදෙනවද නැද්ද කියා. ඒක මට විතරක් නෙමෙයි සමාජයේ සෑම තරාතිරකම පොඩි මිනිහටත්, ලොකු මිනිහටත් සැමටම තේරෙන සරල භාෂාවක් විය යුතුයි. කෙටියෙන් කිව්වොත් මම ගයන ගීතයේ වචන මිනිස්සුන්ගේ ඔළුවට වැදෙන විදියට කිව්වොත් නිවරදියි.
ඔබ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසුණේ කොයි ආකාරයෙන්ද?
මම පුංචි කාලේ සිට ගීත ගායනා කරන්න කැමතියි. විශේෂයෙන් අවුරුදු අටේදි වගේ මම මුලින්ම පාසැලේ උත්සව විලදී ගීත ගායනා කළා. ගෙදරදිත් සිංදු කිව්වා. ඒ කාලෙදි මම තේරුම් ගත්තා මට යම් දක්ෂතාවයක් තියෙනවා කියලා. ඒ දවස්වල පාසලේ උත්සව වලදී මම සිංදු කිව්වා. අපොස සාමාන්‍ය පෙළ දක්වා මම සංගීතය පාසැලේ විෂයක් හැටියට හැදෑරුවා.
මම ක‍්‍රිකට් ක්‍රීඩාවට බොහොම ආසයි. මගේ හිත ක‍්‍රිකට් වලට ඇදී ගියා. මම පාසැලේ 13 න් පහළ සහ 15න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කළ නිසා ඒ කාල සීමාවෙදි සංගිතයෙන් ඈත් වෙන්න වුණා.
නමුත් අපොස සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ මට ලොකු නිදහසක් ලැබුණා. ඔය අතරේ මාස හය හතක දී මම ‘කොළඹ‘ ගීතය වගේම ‘මිස් කෝල්‘ ගීතයත් පේ‍්‍රක්ෂකයන් අතරට ගෙන ගියා.
ඔබට මේ ගීත ගායනා කිරීමේදී, පුහුණු වීම කරද්දී අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නැද්ද?
සංගිතය නිසා අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් කරන්න මට හැකියාවක් ලැබී තිබෙනවා. ඇත්තම කිව්වොත් අධ්‍යාපන කටයුතු වලට මෙය ලොකු හයියක් වෙලා තියෙනවා. සංගීතය නිසා අධ්‍යාපන කටයුතු වලට ලොකු උනන්දුවක් තියෙනවා. මගේ ඊලග බලාපොරොත්තුව තමයි අපොස උසස් පෙළ හොඳින් සමත් වීම.
පුහුණු වීම් කියලා අමුතු දෙයක් කරන්නේ නැහැ. පාසලේ මගේ මිතුරන් සමග එකතු වි සිංදු කියනවා. එහෙම නැත්නම් ගෙදරදී සිංදු කියනවා. මම අධ්‍යාපනය සහ සංගීතය එකට පටලවා ගෙන නැහැ.
ඔබ තවම පාසල් යන දරුවෙක්. ඔබේ ගීත වලට අයත් දර්ශන බලා පාසලේ ගුරුවරු වැඩිහිටියෝ ඔබට බැන්නේ එහෙම නැද්ද?
අනේ නැහැ. ඔවුන් කීවේ චරුත් ඔබේ දක්ෂතාවය තියෙන්නේ ඔතැන. ඉදිරියට යන්න කියලා ඔවුන් මා දිරිමත් කළා.
චරුත් ඔබේ පෞද්ගලික තොරතුරු?
මට ඉන්නේ සහෝදරයෝ තුන්දෙනයි. වැඩමල් සහෝදරයා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබානවා. අනිත් එක්කෙනා තවම පාසැල් යනවා. පුංචි මල්ලි නම් තවම පොඩියි. ඔහු ඇරුණම අනිත් සහෝදරයෝ මගේ වැඩ කටයුතු වලට සහයෝගය දෙනවා.
මගේ අවශ්‍යතා පවා ඔවුන් හඳුනාගෙන ඒවා ලබා දෙන්න අම්මට, තාත්තට පවා කියන අවස්ථා තියෙනවා. ඔවුන් මට මිතුරන් වගේ.
ඔබේ අනාගත බලාපොරොත්තුව
මගේ අලුත් සිංදුව ලබන මාසයේ විතර එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට ලැබෙන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර බලා තවත් එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරෝතතුවක් තියෙනවා.
මේ අතරින් මගේ පළමු වැනි ඉලක්කය වෙන්නේ අපොස උසස් පෙළ විභාගය හොදින් සමත් වීමයි. ඉන් පස්සේ උසස් අධ්‍යාපනය හදරා කලා ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
ඒ වගේ මගේ පාසල වන කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.