කොළඹ සී. ආර්. පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී වෙස්ලි විදුහල් පිල පරදවා ලකුණු 31-12 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
රාජකීය පිල ගෝල දිනුම් 4 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර වෙස්ලි විදුහලට ලබාගත හැකිවූයේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් පමණි.