කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය මත නැග විරෝධතාවයක නිරත වූ ගුරුවරිය පොලිසිය සමග සාකච්ඡාවකින් පසු අද සවස 6.45ට පමණ පහළට බැස්සාය.
පොලිස් ජීප් රියෙන්ම කුරුඳුවත්ත පොලිසියට ගිය ඇය කටඋත්තරයක් ලබා දී මීට ටික වේලාවකට පෙර පොලිසියෙන් පිටව ගියාය.
අධ්‍යාපන අමාත්‍යවරයා මුණගස්වා විසඳුමක් ලබා දෙන බවට පොලිසිය ඇයට පොරොන්දුවීමෙන් පසු මෙම උපවාසය අත්හැර ඇතැයි දැනගන්නට ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයයේ පරිපාලනය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මගින් පවත්වන විමර්ශනයක සාක්කි ලබා දීමට නියමිතව සිටි එම ගුරුවරිය ඊට පෙර දින ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.