අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයේදී සිදුවූයේ යැයි කියන සිද්ධි කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පාසල් රග්බි සංගමය ඒ පිළිබඳව තීරණය ගැනීම ජූනි මස 1 වැනිදා දක්වා කල්දමා තිබේ.
පාසල් රග්බි සංගමයේ විනය කමිටුව ජූනි මස 1 වැනිදා පස්වරුවේ මහනුවර කිංග්ස්වුඞ් විදුහලේදී රැස්වීමට නියමිතය.
රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහල් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයාකලාපය මෙන්ම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයාගේ වගකීම සම්බන්ධයෙන්ද පාසල් රග්බි සංගමයේ විනය කමිටුවේ අවධානය යොමු වී තිබේ.
මේ පිළිබඳ මූලික පරීක්‍ෂණය පාසල් රග්බි සංගමයේ සභාපති මෙන්ම ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පෙරේදා (28) රාත‍්‍රි පැවැත්විණි. මෙම පරීක්‍ෂණයට විදුහල් දෙකේ විදුහල්පතිවරුන් මෙන්ම ප‍්‍රධාන විනිසුරු සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරියකුද සහභාගි වී තිබේ.
විදුහල්පතිවරු දෙදෙනාගෙන්ම ප‍්‍රකාශ ලබාගත් බවත් විදුහල් දෙකෙන්ම ඉදිරිපත් කළ විඩියෝ දර්ශන නැරඹු බවත් මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු පැවසීය.
විවාදයට තුඩුදුන් මෙම තරගය පසුගිය 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27.20 ක ජයක් හිමිවූයේ රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.

