( සමන් විජය බණ්ඩාර)
දැදිගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු අතින් පොලිසිය තුළදිම ගිනි අවියක් ක‍්‍රියාත්මක වි තවත් පොලිස් නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ රාත‍්‍රී 10 ට පමණ මෙය සිදු වී ඇති අතර ගිනි අවිය ක‍්‍රියාත්මක විමෙන් තුවාල ලබා මෙ වන විට රෝහල් ගත කර ඇත්තේ පි.ඩබ්ලිව් රණවීර නැමැති පොලිස් සැරයන්වරයෙකි.
සැරයන්වරයා රාත‍්‍රී මුර සංචාරයේ යෑම සඳහා එදින පොලිසියේ උප සේවකයා ලෙස සේවයේ නියැලී සිටි පොලිස් සැරයන් වරයාගෙන් ගිනි අවියක් ඉල්ලා ඇති අතර ඔහු විසින් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ගිනි අවියක් ආදාල නිලධාරියාට ලබා දිම සඳහා ගිනි අවිය ලබා දිමට පෙර පරික්ෂාවට ලක් කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි පොලීසිය පවසයි.
තුවාල ලැබු නිලධාරියා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඒ මෙහොතේම ඇතුළු කරනු ලැබ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.