වසර 13ක් තිස්සේ ඇමෙරිකා ඩොලර් ලක්ෂය (රුපියල් 14856000) බැගින් වූ වාර්ෂික වැටුප් ගෙවූවද තමන් ගෙන් කිසිදු සේවයක් ලබා නොගත් බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ඔහු සේවය කළ ස්ථානයට එරෙහිව පැමිණිලි කිරීමේ සිද්ධියක් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් සේවය වාර්තා කළේය.
මෙලෙස සිය සේවා ස්ථානයට එරෙහිව එරට පොලීසියට පැමිණිලි කර ඇත්තේ නිව්යෝර්ක් හි පිහිටි ‘සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක් ‘ යන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ සේවය කරන හරේන්ද්‍ර හුරල්ඩ් සිරිසේන නැමැති හැත්තෑ දෙහැවිරිදි අයෙකි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වන සිරිසේන මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ වැටුප් ලැබූවද තමාගේ දැනුමින් ප්‍රයෝජන නොගැනීම නිසා පසුගිය වසර 13 ක කාලය පුරාම තමන් විශ්ව විද්‍යාලය අසල උද්‍යානයේ සිටින කුරුල්ලන්ට හා ලේන්නුන්ට ආහාර ලබා දීමත්, ක්‍රිකට් හෝ පාපන්දු තරඟ නැරඹීමත්, සංගීතයට සවන් දීමත්, පරිගණකය ඔස්සේ ග‚ත ගැටළු විසඳීමත් පමණක් කළ බවයි. මෙලෙස ගෙවුණු කාලය පුරා තමන් කිසිදු රාජකාරියක් සේවාවක් ඉටු නොකර ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදලක් ලබා ගත් බවද සිරිසේන මහතා පෙන්වා දේ.
මේ තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවන්හිදී තමන්ට නොදැනුවත්ම නින්ද යාම සිදු වූ බවද සිරිසේන මහතා කියා සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත් උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන සිරසේන මහතා එරට මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිව් වසරක සේවා කාලයකින් අනතුරුව 1995 දී ‘සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක්‘ හි කාර්ය මණ්ඩල සේවකයෙකු වශයෙන් එක්වී ඇත. විශ්ව විද්‍යාල සේවයට එක්වූ මුල් කායේදී සිරිසේන මහතාගේ සේවා ඵලදායිතාවය උපරිමයෙන්ම ලබා ගෙන ඇති අතර ඔහුට මෙලෙස වැටුප් හිමි වුවද රාජකාරී කටයුතු නොලැබී ඇත්තේ 2003 වසරේදීය.
මෙලෙස නිසි පරිදි තමන්ගෙන් රාජකාරී සේවා ඉටු කර නොගැනීම සම්බන්ධයෙන් සේවා ආයතනයේ බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද ඒවායේ කිසිදු ප්‍රයෝජනයක් නොවු බවද ඔහු කියා සිටී.
එම වසරේ සිට ගතවූ වසර 13 පුරාම දැනුම්දීමකින් තොරව වැටුප් ගෙවමින් තමන්ගේ දක්ෂතාවයෙන් හා පළපුරුද්දෙන් කිසිදු වැඩක් නොගැනීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ඉන්දියන් එකස්ප්‍රස් පුවත්සේවා වාර්තාවේ සඳහන් වේ.
මේ අතර සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හා ඇමෙරිකාවේ හිටපු නීතිපතිවරයෙකු වන ඔලිවර් කොපෙල් මහතා සඳහන් කරනුයේ සිය සේවා දායකයාට මෙලෙස සිදු වීම මහජන මුදල් අපතේ යාමක් ලෙස සලකා අදාළ විශ්ව විද්‍යාලයට එරෙහිව ළඟදීම එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවය.