රාජකාරි නැති පොලිස් නිලධාරීන් 300 කට මාරුවීම්


(සිරාජ් හසීම්)
නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.

එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන මාරුවීම් දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 
මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීහු 1300ක් පමණ සේවයේ නිරතව සිටීති.
මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25 කට අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින බවත්, පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අය සිටින බවත් වාර්තාවේ.