රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන්ගෙන් 30ක් බන්ධනාගාර රෝහලට


 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිද්ධිය  හේතුවෙන්  තුවාල ලබා රෝහල් ගතකර සිටින රැඳවියන් පිරිසෙන් 30 දෙනකු  බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවූ බව  රාගම  රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය. 

බරපතළ තුවාල සිදුවී ශල්‍යකර්මවලට භාජනය කළ රැඳවියන් සිව්දෙනෙකු  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය.

රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටින  රැඳවියන් පිරිස අතර  අද පෙරවරුවේ  නොසන්සුන්තාවයක් ඇතිවූ බවත්  හැකිතාක් එම පිරිස  නිසි ආරක්ෂාවක් තිබෙන බන්ධනාගාර රෝහල වෙත පිටත් කර යැවීමට තවදුරටත් කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.