(ඉන්දිකා රාමනායක)
මහර බන්ධනාගාරය පසුගියදා ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ලබමින් සිටිය දී රෝහලෙන් පැන ගොස් සිටී රැඳවියා අද (3) ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී සිටි මෙම රැඳවියා ඊයේ (2) රාත්‍රී 9ට පමණ ඉන් පලා ගොස් ඇති බව බන්ධනාගාර අධිකාරි (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය .
මෙම සැකකරු ඔරුගොඩවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ රැදි සිටින බවට බුද්ධි නිලධාරීට ලැබුණු තොරතුරක් මත අද පෙරවරු 6.10 ට මොහු අත්අඩංගුවට ගත් බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් හැවිරිදි පුද්ගලයෙක් බව ද හෙතෙම අවධාරණය කළේය .
මොහු කොවිඩ් ආසාදිතයකු ද නැද්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

