රාගම දුම්රිය හරස් මාර්ගයේදී මහනුවර සිට මාතර දක්වා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ සිව් දෙනකු ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රාගම පොලීසිය කියයි.
අද (27) මෙම අනතුර සිදු වී තිබේ.
රාගම රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි මව සහ දියණියකු ඇතුළු තවත් දෙදෙනක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර මව මිය ගොස් දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළු කර ඇත.
ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

