මාතර නිල් වලා ගඟේ මෝය කටේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ගඟ ඉහළ වෙලේවත්ත වගුරු බිමක සිටි අඩි 18ක් පමණ දිග කිඹුලකු අල්ලා යළි නිල්වලා ගඟට දැමූ බව වනජීවී නිලධාරීහු කියති.
ගඟේ මෙම කොටසේ කිඹුලන් නිතරම වගේ දැකිය හැකිය.
ලංකාවෙන් හමු වූ විශාලතම කිඹුලා ලෙස සැලකෙන රාගමින් 2012 දී හමුවූ කිඹුලාගේ දිග අඩි 19කි.
කිලෝ ග්රෑම් දහසකට වඩා බරැති මෙම කිඹුලා ට්‍රැක්ටරයකට පැටවීම සදහා බැකෝ යන්ත්‍රයක ද සහාය ලබා ගෙන තිබුණි.
මෙම දැවැන්ත කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුමට හුංගම කලමැටිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට පැය හතරක පමණ කාලයක් ගත විය.ඊට මාතර පොලීසියේ නිලධාරීන් පිරිසකගේ ද සහාය හිමි වී තිබුණි.
කිඹුලකු සාමාන්‍යෙයන් අවුරුදු 70ක් පමණ ජීවත් වන අතර අවුරුදු 100ක් පමණ ජීවත් වන කිඹුලන්ද සිටින බව කියති. මෙම කිඹුලාට අවුරුදු 60ක් පමණ විය හැකි යැයි ගැමියෝ කියති.
ශ්‍රී ලංකාවේ වර්ග 23ක කිඹුල්ලු සිටිති.

![FB_IMG_1478501396656[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785013966561.png)
![FB_IMG_1478501423327[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014233271.png)
![FB_IMG_1478501435026[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014350261.png)
![FB_IMG_1478501444551[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014445511.png)
![FB_IMG_1478501453209[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014532091.png)
