රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී


කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී මහරාගෙන මැරුණ කොටි බෝම්බකරුගේ ප්‍රහාරයෙන් නොමැරී බේරුණු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලීසිය කටඋත්තරයක් ගන්නා බව පොලිස් ආරංචි කියයි.

2006 අප්‍රේල් 25 වැනිදා සරත් ෆොන්සේකා මහතා දිවා ආහාරයට එලියට ගොස් එද්දී මරාගෙන මැරෙන බෝම්බයට හසුවී බරපතල තුවාල ලැබීය.

මේ බෝම්බ ප්‍රහාරයෙන් 11 දෙනෙක් මිය ගියහ.