රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කර පොලීසිය සහ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනීකරණය කරමින් බුදු දහම ගැන පොතක් ලිවීම පවා අපරාධයක් බවට පත්කර තිබෙන ඒකාධිපති පොල් පොට් රෙජිමය පෙරළා දැමීමට සියලු දෙනාම වහා එකට එක්විය යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය.
මහ නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට බැන වදිනවා නම් , අන්‍යාගමිකයන්ට මේ ඒකාධිපති පොල් පොට් රෙජිමය සලකන ආකාරය සිතා ගත හැකි යැයි කී වික්‍රමසිංහ මහතා භික්ෂූන් වහන්සේ නමක් හෝ වේවා , බුදු දහම ගැන පොතක් රචනා කළහොත් සුදු වෑන් මගින් උන්වහන්සේ පැහැර ගැනීමේ තත්ත්වයක් රටේ උදාවී ඇතැයි කීවේය.
බුදු දහම සහ දේශපාලනය ගැන තමා රචිත ග්‍රන්ථය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය පැමිණයොත් ත්‍රිපිටකය සහ සප්ත අපරිහානී ධර්මය අනුව පොලීසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන කරුණු පැහැදිලි කරමින් ඒ අයට බුදු දහම ගැන උගන්වන්නේ යැයි වික්‍රමසිංහ මහතා කීවේය.