රහස් ඡන්දය හෑල්ලු කරගෙන


ශ්‍රී ලංකාවේ  රහස් ඡන්දයේ  රහස් භාවය ඉවත් වී  වටිනාකමද විනාශ  කැර ඇතැයි ද සංඝරත්නයද ඊට දායක වීම ගැන කනගාටු වන බව ද ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.

‘අද රටේ බොහෝ දෙනා  තමන්ගේ ඡන්දයේ වටිනාකම   නැති කැරගෙන තිබෙනවා.අපේ ස්වාමීන් වහන්සේලා  මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඇත්තටම කළකිරීමක් තියෙන්නේ. තමන්ගේ ඡන්දයේ රහස්‍ය භාවය  ආරක්ෂා කර ගන්න තමන්ට තමන්ගේ වටිනාකම වැඩිවෙනවා.තමන් නිතරම වටිනාකම අඩුකැර ගන්නවාද වැඩිකැර ගන්නවාද කියලා මේ රටේ ඡන්ද දායකයෝ සියලු දෙනා සිතා බැලිය යුතුයි.‘