රසායනයක් ඉස රඹුටන් වගාවක් වනසයි


තිහාරියේ ප්‍රධාන පළතුරු ගොවියකු වන ඒ ඒ පී කරුණාරත්න මහතාගේ තව දෙමාසයකින් නෙළා ගැනීමට තිබූ අක්කර දහයේ රඹුටන් වගාව විෂ රසායනයක් ඉස පුළුස්සා ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.

ඔහුට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ දහයකට අධිකය.

හිටපු පොලිස් නිලධරයකු වන ඔහු කියනුයේ වත්තේ සිට කිහිප දෙනකු දුවනු දුටු බවයි.

මින් සතියකට පමණ පෙර ඔහුගේ වත්ත මායිමේ ඔයක් අසල කසිප්පු වැටලීමක් සිදු විය.

ඒ සිද්ධිය හා මෙම විනාශය අතර සම්බන්ධයක් තිබිය හැකිදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.