රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට  විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී ඇත.

මෙම උපදෙස් දෙනු ලැබ ඇත්තේ යුද හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මෙම උපදෙස් ලබාගත් පිරිසට  පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව සිටින පොලීසියේ, යුද හමුදාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීහු ඇතුළත් වූහ.

පාර්ලිමේන්තුවේ ඇති  යම් යම් ද්‍රව්‍ය එවැනි ප්‍රහාර සඳහා යොදා ගැනීමට  ඇති හැකියාව  පිළිබඳවද  මෙහිදී සාකච්ඡා කර ඇතැයි  වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රටේ  පවතින තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක පියවරක් ලෙස  මෙම උපදෙස් මාලාව  දුන් බවයි.

මේ අතර රසායනික අවි ප්‍රහාර සම්බන්ධයෙන් සමාජයේ පසුබිම් දිනවල  විශේෂ කතාබහක් ඇතිවිය.