(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වෙළඳපොලේ විකිණීමට ඇති සියලුම රසකැවිලිවල අඩංගු සීනි ප්‍රමාණය එහි පැකට්ටුවේ අනිවාර්යෙන් සඳහන් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා වන විශේෂ ගැසට් පත්‍රය තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බවත් මෙමගින් රජය බලපොරොත්තු වන්නේ දිනෙන් දින ඉහළ යන දියවැඩියාව රෝගයෙන් ජනතාව මුදා ගැනීමටය.
දැනට පැණි බීම බෝතල්වල ප්‍රදර්ශනය කෙරෙන සීනි ප්‍රතිශතය පෙන්නුම් කරන වර්ණ සංඥා ස්ටිකරය රසකැවිලි සඳහා ද මේ අනුව යොදා ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
අරලියගහ මැදුරේදී සිසු හෙද හෙදියන් 1500 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.