රස පරීක්ෂක වාර්තා දෙසතියකින් ඉල්ලයි


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ  ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ  අට මාසයක් තිස්සේ නොලැබුණු රස පරීක්ෂක වාර්තා  දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා අද නියෝග කළේය.

ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වැනිදා මේ අනතුරින් මිය ගියේ කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය මාතලේ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු විශ්ව විද්‍යාලයයේ මෝදර සිසිත ප්‍රියංකර සිල්වා දෙදෙනායි.

ජානක බණ්ඩාර ඒකනායක භාවිත කළ දුරකතනයෙන් සිද්ධිය වූ දිනට පෙර ලබා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා දුරකතන සේවා සමාගම් දෙකකට නියෝග කළේය.

පොලිස් පරීක්ෂණවලදී එම දුරකතනය සොයාගෙන නැත.

වැඩිදුර විභාගය ලබන 26ට කල් තැබිණි.

(මියගිය සිසුන් දෙදෙනා)