කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමක් බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ පරීක්ෂණයක් සඳහා ගියහ.
අධිකරණ වෛද්‍ය නිලධරයෝ දෙදෙනෙක්, රජයේ රස පරීක්ෂක, ප්ලාස්ටික් සැත්කම් විශේෂඥ වෛද්‍යවරයෙක් හා නිර්වින්දන වෛද්‍ය වරයෙක් ද එම කණ්ඩායමට අයත් වෙති.
එම රූපලාවන්‍යාගාරයේ පාවිච්චි කළ බෙහෙත් හා උපකරණ ගැන ඔවුන් සොයා බලනු ඇත.
බම්බලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා පරීක්ෂණ භාරව සිටී.







