රස පරීක්ෂක කොළඹ වරායට යයි


කොළඹ වරායේ ගුදමක හටගත් ගින්නට හේතුව සොයා බැලීමට රජයේ රස පරීක්ෂක එද එහි ගොස් පරීක්ෂණ ඇරැඹීය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පෙරදින අළුයම එකට පමණ හටගත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකයේ 150ක් පමණ පැය පහකටත් වැඩි කාලයක් දැඩි වෙහෙසක් ගත්හ. ඒ සඳහා ගිනි නිවීමේ රථ අටක් යොදා ගැනිණි.