රස පරික්ෂක යළිත් ඇවන්ගාඩ් අවි පිරික්සයි


ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ඇවන්ගාඩ් නැවේ අවි  පිරික්සිම සඳහා  රජයේ රස පරික්ෂක කණ්ඩායමක් දෙවැනි වරටත්  ගාල්ලට  ගියහ. රහස් පොලිසිය සමඟ ඔවුන් එහි ගියේ මීට පෙර පරික්ෂා කළ අවි ආයුධ තොගයක නොපැහැදිලි අංක යළි පිරික්සිම සඳහා යැයි  දැනගන්නට  ඇත.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් සඳුදා (09) වැනිදා පැවැත්වීමට  නියමිතය.