රස දෙන හදක රසකාමීත්වය සමග 'බිමල් ජයකොඩි'


2016-10-05-ent-51

සංගීතමය වැඩසටහනක මිහිරියාව ගෙනෙනු ලබන වැඩසටහනක් ලෙස දෙරණ රූපවාහිනියේ ‘මා නොවන මම’ වැඩසටහන කිව හැකිය. රස දෙන හදක රසකාමීත්වය යන ආත්මීය සංගීත වදන් අනුව දිගහැරෙන මෙම වැඩසටහනේ මෙවර රසික හදවත් පිනවීම සඳහා දායකවනු ලබන්නේ, බිමල් ජයකොඩිය. ඔහු පෞරුෂත්වයක් මවා පාන රංගන ශිල්පියෙකු වුවද, ගායකයෙකුද වන බව බොහෝ දෙනෙකු දන්නා කාරණාවකි. මේ සිකුරාදා රාත්‍රී 10.30 ට TV දෙරණෙන් එම හඬෙහි ආස්වාදය විඳ ගැනීමට ඔබටත් කරන ආරාධනයකි මේ.