හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මුදල් ඇමැති රවී කරුණානායකගේ අයවැය ප්‍රශංසා කරමින් ලියුමක් ලියා ඇත.
‘ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කළාට ඔබට මගේ සුබ පැතුම්! අනාගතය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිළිගන්න‘ ඔහු මෙම සුබ පැතුම් ඉදිරිපත් කළේ දෙසැම්බර් 19 වැනිදා අයවැය ඡන්දයට කලිනි. දෙසැම්බර් 19 වැනිදායින් පසු මේ අයවැය කනපිට ගැසී ගියේය.

