තමා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වෙනස් කළ නොහැකි ගලේ කෙටූ අකුරක් වැනි එකක් නොවේ යැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බන්දුල ගුණවර්ධන මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා අන්තවාදී නොවන, නම්‍යශීලී පියවරක් අනුගමනය කරමින් අයවැය සකස් කරන බවත් සංවර්ධනයට වෙන් කළ මුදල් අඩු නොකරන බවත් සහනාධාර අඩු නොකරන බවත් කීවේය. වෛද්‍යවරුන්ගේ සංගමය මෝටර් රථ බලපත් ඉල්ලනවානම් රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදල් වලින් ඒවා ලබාදිය හැකි බවත් මුදල් ඇමැතිවරයා පැවසීය.

