ව්‍යාපාරික රවී වෙත්තසිංහට එරෙහිව පවතින නඩු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය පොලිසියට නියෝග කළාය.
වේරහැර බස් සමාගමේ රුපියල් කෝටි හත හමාරක් 2002 දී වංචා කළැයි ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
වෙනත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු දැනට රිමාන්ඩ් භාරයේ සිටී.

