රවී රාම්පෝල්ට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි


ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර පසුගිය සිකුරාදා කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති එක්දින තරගයේදී තුවාල ලැබීම හේතුවෙන් කොදෙව් පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක රවී රාම්පෝල්ට තුන්කොන් එක්දින තරගාවලියේ ඉතිරි කොටස අහිමි වී තිබේ.

රවී රාමපෝල්ගේ වම් පාදයේ වළලූ කර උළුක්කු වීම නිසා ඔහුට සති තුනක කාලයක් විවේක අවශ්‍ය වන බව වෛද්‍යවරු කියති.