රවී කරුණානායක නිදහස්


ඇමරිකාවේ කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග එක්වී ශ්‍රී ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් රුපියල් තිස් කෝටියක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ නඩුවෙන් මුදල් ඇමැති රවී කරුණානායක හා තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.

එම නඩුවේ පළමුවැනි විත්තිකරු වූයේ නොක්ෂියා කෝපරේෂන් කන්සල්ටන්ස් ආයතනයයි. දෙවැනි විත්තිකරුවූයේ චන්ද්‍රසෝම පියසෝම හා රවී කරුණානායක තෙවැනි විත්තිකරු ලෙස චෝදනා ගොනු කර තිබුණි.

විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් ඔවුන් මුදල් තැන්පත් කළැයි ගොනු කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් විණි යැයි අධිකරණය කියා සිටියේය. රාජ් රාජරත්නම් ඇමරිකාවේ කොටස් වෙළඳපොලේ ඇතුළත රහස් එළියට දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇමරිකාවේ බන්ධනාගාරයක සිටී.

_DSC0094 _DSC0117 _DSC0131