මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1.32 ට මෛත්‍රිපාල - වික්‍රමසිංහ රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළේය.
දින 100ක් සඳහා වන මේ අය වැයෙන් මහජනයාට සහන රැසක් ලබාදෙන බව රජය මීට පෙර කියා සිටියේය.
සාම්ප්‍රදායික අයවැය පෙට්ටියද රැගෙන සුදු ඇඳුමින් සැරසී මුදල් ඇමැති සභා ගැබට ඇතුළු විය. පෙර දිනයේ ඔහු හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මහතා හමුවිය. ගිය රජයේ ආර්ථිකය පිළිබඳ කෙටි සමාලෝචනයක යෙදුණු ඔහු පැවසූයේ අඩපණ කළ ආර්ථිකය යළි නගා සිටුවීම නව රජයේ කාර්ය භාරය බවයි.
සැබෑ දත්ත මිස ගොබෙල්ස් න්‍යායේ සංඛ්‍යා ලේඛන නව රජය විශ්වාස නොකරන බවත් ඔහු කීවේය.
ඡායාරූපය ශාන්ත රත්නායක
ඡායාරූප ස්වාධින රූපවාහිනි අනුග්‍රහයෙනි
ඡායාරූපය - ජාතික රූපවාහිනී අනුග්‍රහයෙනි

































