හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා රවිරාජ් මහතාගේ භාර්යාව ශෂිකලා රවිරාජ් මහත්මිය අභියාචනාධිකරණය හමුවේ අද(10) අභියාචන පෙත්සමක් ගොනු කළාය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඟා තිබූ අතර එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බව පෙත්සම්කාරිය සිය පෙත්සමින් පෙන්වා දී තිබේ. එසේම තමාගේ නීතීඥවරු ජූරි සභාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ විරෝධතා පළ කළ බවද කියා සිටී.
කෙසේ වුවද දිනපතා පැවති නඩු වභාගය අවසානයේදී ඉකුත් දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලූ විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවට තීරණය කළ අතර ඒ අනුව එම විත්තිකරුවන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළ බව පෙත්සමේ දැක්වේ.

