රවිගේ නඩුව කල් යයි


ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ අද නඩුව කතා කළ විට  කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ  රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුයේ ඔහු අද මුදල් ඇමැති ලෙස ඔහු අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව වෙනත් දිනයකට කල් තබන බවයි.ලින්ටන් සිරිසේන මහතා මේ නඩුවේ තවත් සැකකරුවෙකි.