මහින්ද රාජපක්ෂ පාලන සමයේ එතෙර සිටි ලටෙක් සභාපති ව්‍යාපාරික රවි වෙත්තසිංහ ශ්‍රී ලංකාවට පැමිණියේ රිමාන්ඩ් භාරයේ සිටීමට නොවේ යැයි ඔහුට ඇප ඉල්ලමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ෂකුලරත්න මහතා දේවිකාද ලිවේරාද තෙන්නකෝන් කොළඹ මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කියා සිටියේය.
වේරහැර බස් සමාගමේ රුපියල් කෝටි හත හමාරක් 2002 දී වංචා කළැයි ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
ඔහුට එරෙහිව මෙවැනිම නඩු හතරක් ඇති බව රජයේ නීතීඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය කීවාය.ඇප සලකා බැලීම 23 වැනිදාට කල් තැබිණි.

