රයිනාගේ ශතකයෙන් චෙන්නායි යළිත් ජයගනී


අයි. පී. එල්. තරගාවලියේ 45 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (2 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 15 ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

මෙවර තරගාවලියේ තෙවැනි ශතකය රැස්කළ චෙන්නායි පිලේ සුරේෂ් රයිනා තරගයේ වීරයා බවට පත්විය. පන්දු 53 කින් වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්විය.

පන්ජාබ් පිලේ ෂෝන් මාර්ෂ් (73) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 51) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවත් ජයග‍්‍රහණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

මේ වනතෙක් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටි රාජස්ථාන් පිලේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ කඩුලූ සංඛ්‍යාව (කඩුලූ 16) ඉක්මවා යාමට චෙන්නායි පිලේම ඞ්වේන් බ‍්‍රාවෝ (කඩුලූ 19) සමත්වීම මෙම තරගයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.

චෙන්නායි සුපර් කිංග්ස් සහ කිංග්ස් XI පන්ජාබ් යන කණ්ඩායම් 2 ටම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයන් ඇතුලත්ව නොමැති හෙයින් මෙම තරගයට කිසිදු ශ්‍රී ලාංකික කී‍්‍රඩයෙකු කි‍්‍රඩා කළේ නැත.

චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 දැවී 186
(රිධිමන් සහා 18, සුරේෂ් රයිනා නොදැවී 100, මයික් හසී 35, ඇල්බි මොර්කල් 23, පර්වින්දර් ආවනා 29/2)

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 171
(මන්දීප් සිං 15, ඬේවිඞ් හසී 22, ෂෝන් මාර්ෂ් 73, ඬේවිඞ් මිලර් නොදැවී 51, ඞ්වේන් බ‍්‍රාවෝ 34/3)

(*)