රයිගම් ටෙලීස් සම්මාන උලෙළ


2017-02-13-ent-128

ජාතියේ ටෙලි සම්මාන උලෙළ හෙවත් රයිගම් ටෙලීස් සම්මාන උලෙළ මේ වසරේදී 13 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 13 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ලබන ජුනි මස 03 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

සම්මාන උලෙළේ නිරේදේශිත‍ නාමයන් එළිදැක්වීම මැයි මස 17 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී සිදුකෙරෙන අතර සම්මාන උලෙළෙහිදී රූපවාහිනී ටෙලිනාට්‍ය සහ වැඩසටහන් ඇගයීම වශයෙන් සම්මාන අදියර දෙකක් වශයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සභාවක් කටයුතු කරනු ඇත.

රයිගම් ටෙලීස් සම්මාන උලෙළ සඳහා 2016 වර්ෂයේ රූපවාහිනී නිර්මාණ ලබාගන්නා අතර, මේවනවිට අයදුම්පත් බාරගැනීම ආරම්භ කර තිබේ. අයදුම්පත් බාරගැනීම මේ මස 28 වැනිදායින් අවසන් වන අතර, නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් හැකි ඉක්මනින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය හා සම්බන්ධ වන ලෙසද සංවිධායකයෝ පැවසූහ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0771061414, 0771061510 යන දුරකථන ඔස්සේ ලබාගත හැකිය.

 

චාමර සම්පත්

 

 2017-02-13-ent-127
2017-02-13-ent-126
2017-02-13-ent-125