රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා හෙරොයින් කිලෝවක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු හා මාළිගාවත්තේ කාන්තාවක කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෙදෙනාම සතියකට වරක් ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුනොවුන් නොහඳුනන බවත් කියති.
ඉන්දියානුවා තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි හතලිස් එක් හැවිරිදි රෙදිපිලි ව්‍යපාරිකයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර විජේවීර මහතාගේ උපදෙස් පිට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය සමග එක්ව රේගු සමාජ ආරක්ෂන අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී. නන්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන්වන එම්.කේ උයද ගාමිණී, අයි.එන් ඒකනායක, ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර, තිලින විෙජ්සේකර, ප්‍රබුද්ධ පෙරේරා, තනුෂ්ක විෙජ්සූරිය, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරති.
මේ පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදීමට නියමිතය.

