රයිගම තරුණ කැලෙන් ගවයාට බොරු කකුලක්


රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට අද එහි එකමුතු තරුණ කැල  සමත් වූහ.

මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය කරන ජායි පූර් සමාගමේ කාර්මික නිලධාරී උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන් රුපියල් විසි දහසක වියදමින් මේ කකුල නිෂ්පාදනය කිරීමට හැකිවිය. එවැනි කකුලකට රුපියල් හතලිස් දහසක් පමණ වැයවෙතියි කියති.

කාගේදෝ කැති පහරකින් කකුල වෙන්වූ මේ හරකා තරුණ කැලේ ඇල්ම බැල්ම ඇතිව පිනට මුදා හැර සිටි සතෙකි.