රඹුක්කන වෙස් පැළැදවීමේ මඟුලදා


දරු දැරියන් 11 දෙනෙකු සදහා හිස වෙස් පැළැදවීමේ කලඑළි මංගල්‍යයක් රඹුක්කන දළුග්ගල මහා විහාරයේදී පැවැත්විණි.

කෑගල්ල සරසවි කලායතනයේ  ආචාරිණි අජන්තා කන්දෙගෙදර මහත්මිය යටතේ නර්තනය හදාරමින් සිටින දරු දැරියෝ 11 දෙනෙක් හිස වෙස් පැළැදවීමේ කලඑළි මංගල්‍ය සදහා සුදුසුකම් ලැබුහ.

 හිස වෙස් පැළදවීමේ කලඑළි මංගල්‍ය පිළිබදව නර්තන ආචාරිණි අජන්තා කන්දෙගෙදර මහත්මිය මෙසේ කීවාය.

‘ අපේ කලායතනයේ වසර 40කට වඩා ඉතිහාසයක් තියෙනවා. වෙස් පැළදවීම මේ වනවිට වානිජ්‍යකරණයට  ලක් වෙලා. සල්ලි තියෙනවනම් පැය දෙකෙන් වෙස් තියා ගන්න ක්‍රමත් දැන් තියෙනවා.නමුත්  අතීතයේ ඉදලා පැවත එන චාරිත්‍ර වාරිත්‍ර  රැකගෙන ඒ ආකාරයෙන්ම මේ දේවල් කළ යුතුයි. අපි ඒ හැම දේම නිසි අයුරින් කරලා මේ මේ වෙස් මංගල්‍ය සිදු කළේ.‘ 

 

IMG_7801 IMG_7866 IMG_7973

 

IMG_7774 IMG_7788 IMG_7792 IMG_7798 IMG_7801 IMG_7807