(යොහාන් භාසුර,ඉන්දිකා රාමනායක,ශාන්ත පී බණ්ඩාර සහ චමින්ද ජයලත්)
රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිසියේ 10 දෙනකු ද තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව කඳවා ඇතැයි ද වාර්තා වෙයි.
කෑගල්ල රෝහල් අධ්‍යක්ෂවරිය එක් අයකු මියගොස් ඇති බව තහවුරු කළාය.
පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය වසා සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ අවස්ථාවේ පොලිසිය දෙසට ගල් ප්‍රහාරයක් එල්ල වි ඇත. සිදු වූ ගැටුමින් තුවා ලැබූවන් අතර හතර දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(ශාන්ත පී.බණ්ඩාර)
රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඒ අවස්ථාවේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි. ගල්ප්‍රහාරයට ලක් වූ උද්ඝෝෂකයන් කීපදෙනකු රෝහලට ගත කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා අද අලුයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර - කොළඹ දුම්රිය මාර්ගය වසා සිය විරෝධය නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන - කෑගල්ල,කුරුණෑගල සහ මාවනැල්ල මාර්ගය වසා සිය විරෝධය එලල් කරති.
මේ හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු කටයුතු කළහ.




මියගිය පුද්ගලයා

