රඹකැන් ඔය මංගල දියවර නිකුත් කරයි


මහඔය රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව මහ කන්නයේ වී වගා කිරීමට  කුඹුරු අක්කර 300ක් සඳහා ජලය නිකුත් කිරීම අද ඇරැඹිනි.

ජලාශය විවෘත කළ පසු මුලින්ම ජලය නිකුත් කළේ අදයි.

රඹකැන්ඔය ව්‍යාපෘතියේ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු ප්‍රසන්න ගාමිණී ගුණවර්ධන සහ රඹකැන්ඔය ජලාශය බාර වාරිමාර්ග ඉංජිනේරු විදූර චන්ද්‍රසිරි මෙන්ඩිස් මහත්වරු අතින් දියවර නිකුත් කිරීම සිදූවිය.