රබර් වගාව පල්ලම් බහී


මීට වසර හතලිහකට පෙර සශ්‍රීකව පැවැති රබර් වගාව දරුණු පසුබෑමකට ලක්වී ඇතැයි අගලවත්ත ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් එම් ජී සෙනෙවිරත්න මහතා කියයි.

වර්ෂ 1970 දශකය ආරම්භයේදී හෙක්ටයාර් 214,000 ක වපසරියකට යටත්ව තිබූ රබර් වගාව මේ වන විට හෙක්ටයාර් 121000 දක්වා අඩු  වී අති අතර ඉදිරියේදි මෙය තවදුරටත් අඩුවීමට ඉඩ ඇති බවට අනාවැකි පල වී ඇත.

එයට පිලියමක් ලෙස ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයෙන් ‘ගෙවතු ආශ්‍රිත රබර් වගාව‘ හඳුන්වා දී ඇත.