ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නව සභාපති පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා අද (16) රත්මලාන රබර් පර්යේෂණායතනයේදී වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඔහු එජාප අගලවත්ත ප්‍රධාන සංවිධායකවරයාද වේ.
බන්දුල මහතා රබර් පර්යේෂණායතනයේ 32 වැනි සභාපතිවරයා වේ. ඒ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවට පැමිණි බෝමිරියේ ධම්මිස්සර, අගලකඩ අරියදස්සන හා බණ්ඩාරවෙල පඤ්ඤාරතන යන හිමිවරු ආශිර්වාද කළ අතර රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ගාමිණී සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී අරුණ දීප්ති ගුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.


