රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර


ගිනි අවි සමඟ සැකපිට අත්අඩංගුවට ගත් නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සිව් දෙනා පැය හැත්තෑදෙකක්  රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියෙන් කළ ඉල්ලීමකට හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය අවසර දුන්නාහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක හේමාල් බණ්ඩාර තෙන්නකෝන්, රණසිංහගේ රවීන්ද්‍ර, පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල් රංගන ජයලත් හා ව්‍යාපාරික නිහාල් ප්‍රසාද් රණසිංහ යන අය එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලැබිණි.

DSC08458[1] DSC08480[1]